ඉන්දීය ඇසෑම් ප්‍රාන්තය ප්‍රසිද්ධියේ ගව මස් අනුභව කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අවන්හල් හා උත්සව ශාලා ඇතුළු පොදු ස්ථානවල ගව මස් අනුභවය තහනම් කර තිබෙනවා එමෙන්ම ඇතැම් ආගමික ස්ථාන අසල ගව මස් විකිණීම සීමා කරමින් පෙර පැවැති නීතියට පුළුල් කිරීමක් ලෙස මෙය සලකන බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය හිමන්ත බිස්වා සර්මා පැවසුවා.
කෙසේ වෙතත් හරක් මස් තවමත් සාප්පු සංකීර්ණ හා කඩ වලින් මිලදී ගත හැකි අතර නිවාස හෝ පෞද්ගලික ආයතන තුළ ආහාරයට ගත හැකියි.
ඉන්දීය ජනගහනයෙන් 80%ක් පමණ වන හින්දු භක්තිකයන් විසින් ගවයින් ගෞරවාදරයට පාත්‍ර කරන බැවින් ගව මස් පරිභෝජනය ඉන්දියාවේ සංවේදී ගැටලුවක්. එමෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් තුනෙන් දෙකක් පමණ ගව ඝාතනය සහ හරක් මස් පරිභෝජනය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.