ඉන්ධන බවුසර අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේදී මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටී සිදුවූ අනතුරකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බව පැවසෙයි.

එම අනතුර සිදුවී තිබුණේ වේගයෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරය පළමුවෙන් ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටුණු බවත් ඉන්පසු එය තවත් වාහන කීපයක හැපී පෙරැළි ගිනිගෙන පුපුරා ගිය බවයි.

දුර්වල මාර්ග පද්ධති හේතුවෙන් නයිජීරියාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.