පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඒ සඳහා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව යටතේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව සිය රජය විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය. පාකිස්තානයට ඉදිරියට යාමට නම් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය අවසන් විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තාරික් ඊ ඉන්සාෆ් පාකිස්තාන පාර්ලිමේන්තුව තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂය වීමටද නියමිතය.