ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (17) වන දින ලෙබනනයේ බීරුට් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානියා වන මොහොමඩ් අෆිෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලෙබනනයේ රජය යටතේ පාලනය වන ජාතික ප්රවෘත්ති ආයතනයට අනුව ලෙබනනයේ “රස් අල් නබා” ජනාවාසයේ පිහිටි සිරියානු දේශපාලන පක්ෂයක් වන “බාත් ” පක්ෂයේ මූලස්ථානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් හමුදා ප්රහාරයන් හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානියා මියගොස් ඇත. එමෙන්ම අදාළ ප්‍රහාරය එල්ල වීමෙන් පැය කිහිපයකට පසු අෆිෆ් මියගිය බව හිස්බුල්ලා සංවිධානය විසින් තහවුරු කර තිබිණි. මොහොමඩ් අෆිෆ් හිස්බුල්ලා සංවිධානයේ මෙතෙක් ඉතිරිව සිටි ප්‍රකට පුද්ගලයන්ගෙන් එක් අයෙකි.