ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පිළිබඳ සම්මුතියක්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බවය.

එමෙන්ම කොළඹ වරාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එහි පුළුල් කිරීම් ද ක්‍රියාත්මක කරන බවය.