පසුගිය ඔක්තෝබර් 7 වැනි දා සිට ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් පිළිබඳව ඊශ්‍රායලයට එරෙහි දකුණු අප්‍රිකාවේ ජන සංහාරය නඩුව සම්බන්ධයෙන් තමන් මැදිහත් වන බව අයර්ලන්තය පවසනවා.
එරට විදේශ අමාත්‍ය මිකල් මාටින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජන සංහාරයක් සිදු කරන්නේද යන්න තීරණය කරනුයේ ලෝක අධිකරණය වන බවත් හමාස්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරය සහ ගාසා තීරයේ දැන් සිදුවෙමින් පවතින දේ නියෝජනය කරන්නේ අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව පැහැදිලි වන බවයි.
ප්‍රාණ ඇපකරුවන් ගැනීම, සිවිල් වැසියන්ට මානුෂීය ආධාර අරමුණු සහගතව අත්හිටවීම, සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම, සහ සිවිල් යටිතල පහසුකම් අත්හිටුවීම මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල අවිචාරවත් ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම,මිලිටරි අරමුණු සඳහා සිවිල් මිනිසුන් භාවිතය ආදි ක්‍රියාවන් ඊශ්‍රායලය සිදුකරන බවයි ඔහු චෝදනා කරන්නේ.
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට චෝදනා කිරීමෙන් පසුව, ලෝක අධිකරණය ලෙසින්ද හැඳින්වෙන ජාත්‍යන්තර අධිකරණය (ICJ) ජනවාරි මාසයේදී ඊශ්‍රායලයට ජන සංහාර ප්රඥප්තියට යටත් විය හැකි ඕනෑම ක්‍රියාවකින් වළකින ලෙසත් පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරක ක්‍රියා සිදු නොකරන ලෙසත් ඊශ්‍රායලයට නියෝග නිකුත් කරනු ලැබුවා.
අයර්ලන්තය ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන ඕනෑම තර්කයක් මැදිහත්වීම කුමන ස්වරූපයක් ගනීද යන්න මාටින් ප්‍රකාශ නොකළ නමුත් දකුණු අප්‍රිකාව ඇතුළු හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ නීතිමය හා ප්‍රතිපත්ති විශ්ලේෂණයෙන් සහ උපදේශනයෙන් පසුව පියවර තීරණය කළ බව පවසනු ලැබුවා.