ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

අරාබි අර්ධද්වීපයේ සිට ඊශ්‍රයලයට දුර දිග මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ දකුණින් පිහිටි ජාෆා නුවර හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එම මිසයිලය එල්ල කළ බවය. එම මිසයිලය නියමිත ඉලක්කයට යොමු වූ බවත්, ඊශ්‍රයාල ගිනි නිවන හමුදාව මිසයිල ප්‍රහාරයෙන් ඇති වූ ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් හවුති කැරැලිකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යේමනයේ සිට එල්ල වූ එම මිසයිලය සාර්ථකව විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත්වූ බවය.

ගාසා යුද්ධයේ ආරම්භයේ සිටම හවුති කැරැලිකරුවන් ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරන අතර, රතු මුහුදේ නෞකාවලට දැඩි ප්‍රහාර එල්ල කරමින් අත්‍යවශ්‍ය වෙළෙඳ මාර්ගය කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයකද නිරතව සිටී.