උඩරට දුම්රිය ගමනාගමනය නැවත යථා තත්ත්වයට

හාලිඇල හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි.

මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිලිසකර අවසන් කර තිබෙයි. එබැවින් අද (02) දින සිට නැවත දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව දැනුම් දී ඇත.