උතුරු කැලිෆෝනියාවේ ප්‍රබල භූමිකම්පාවක්

Police officers walk through rubble in central Christchurch March 2, 2011. New Zealand came to a standstill on Tuesday as people marked the moment a deadly earthquake shattered the country’s second-biggest city Christchurch a week ago, and the number of confirmed dead rose by one to 155. REUTERS/Mark Baker/Pool

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් කෙරුණද පැයකට පමණ පසුව එය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හතළිස් හත් ලක්ෂයක පමණ ජනකායක් සිටින උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.

උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලි නගරය ඇතුළු ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමටද බලධාරීන් විසින් දැනුම් දී ඇති අතර අනතුරුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් සුනාමි අවදානමක් නොමැති බවටයි.

භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හෝ යටිතල පහසුකම්වලට විනාශකාරී හානි සිදුව නොමැති අතර ඇතැම් නිවාසවලට සුළු අලාබ හානි සිදුව ඇති බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේය.

උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ 10,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තාවේ.