උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
“උරුමය’’ වැඩසටහන යටතේ මේ වසර අවසානය වනවිටදී සින්නක්කර ඔප්පු 50,000ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද, මෙතෙක් නිකුත් කර ඇත්තේ ඔප්පු 21,000ක් පමණක් බව අනාවරණය වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දිනය ප්රකාශයට පත් කිරීමෙන් පසුව, උරුමය සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමේ උත්සව සියල්ල නතර කෙරිණි.
මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ උරුමය ඔප්පු 110,000ක් දැනට සකස් කරමින් පවතින බවය.
මෙම ඔප්පු කඩිනමින් නිකුත් කිරීම සඳහා ඉකුත් රජය විසින් වෙනම ආයතනයක් පිහිටුවීමටද සැලසුම් කර තිබිණි.
මේවන විට අයදුම්පත්ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.