ඊශ්‍රායලය නෙරපා හරින ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශය මේ ඉල්ලීම කර ඇත්තේ පසුගියදා සිරියාවේ දමස්කස් නුවර ආසන්නයේ පිහිටි සයිදා සෙයිනාබ් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනකු ඝාතනය වීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ඊශ්‍රායලයට ආයුධ සම්බාධක පනවන ලෙසත් ඉරානය වැඩිදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරමින් බවට නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අමෙරිකාවෙන් ද සිරියාවට ගුවන් ප්‍රහාර 9ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දමස්කස් නුවර ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැඟිල්ලකට දරුණු හානි සිදුවූ බවත්, එම ප්‍රහාරය හෙළා දකින බවත් ඉරානය වැඩිදුරටත් නිවේදනය කර තිබෙයි.