එළවළු තොග මිළ පහළ යයි

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද(03 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බව ඔවුහු අවධාරණය කරති.

ඉකුත් දින වලින් ඉහළ මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබිණිි.

රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 150ත් 200 ත් වැනි මිලකට ත් වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි වෙයි.

විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් හැටේ සිට රුපියල් සියය දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

ඒ අනුව ලීක්ස් කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. කන්ද උඩරට ප්‍රදේශ වලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි විය එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවි වීම විශේෂත්වයකි

එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාස වීම නිසා විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(03) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය

බෝංචි 650 ත් 700

ලීක්ස් 100ත් 140

කැරට් 60 ත් 100

ගෝවා 40 ත් 100

තක්කාලී 180. 200

රාබු 30 ත් 60

නො කෝල් 280.ත් 300

කැකිරී 50 ත් 60

පිපිඤ්ඤා 80ත් 100

වැටකොලු 160 ත් 240

බණ්ඩක්කා 50 ත් 60

පතෝල 150 ත් 160

වම්බටු 150 ත් 200

අමු මිරිස් 150ත් 200

මැකරල් 30ත් 50

මාළු මිරිස් 300 ත් 350