ඔස්ට්‍රේලියාවේ 2025 වසර සඳහා විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.
ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන 270,000කට සීමා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී අගයන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර ඊට හේතුවී ඇත්තේ බලාපොරොත්තු නොවූ ආකාරයට විදෙස් සිසුන් එරට ට පැමිණීම බව බලධාරීන් පවසයි.
විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් සංක්‍රමණික ප්‍රජාවට විවිධ සහන දීමට එරට රජය කටයුතු කළේ එරට ව්‍යාපාර ක්ෂේත්රයට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලබාගැනීම සඳහා ය.
නමුත් එම සහන පසුගිය වසරේ සිට සීමා කළේය.