පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබෙනවා.
නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහළට කඩා හැලෙන මෙම සුන්දර දියඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇත.
දියඇල්ල ඉහළ ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම නායයෑම සිදුවන්නට ඇතැයි ඔවුහු පවසති.