ගීතා සජිත් සමඟ එක් වෙයි

අද (09) මේ වන විට මහනුවර දී පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලි වේදිකාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය එක්වීමට ‍මේ වන විට එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහාය පළකිරීම සඳහා ඇය මෙලෙස සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇතැයි වාර්තා වන්නේ.