ගෝඨාභය නේපාලයට යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඊයේ එනම් (23) උදෑසන කත්මන්ඩු නුවර වෙත ළඟාවී ඇති අතර ලලිත්පූර්හි ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේ නවාතැන් ගෙන සිටින බවයි, වාර්තා වන්නේ.

ලලිත්පූර් දිස්ත්‍රික් පොලීසියේ, පොලිස් අධිකාරී නරේෂ් සුබේඩිට පවසා අත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරයේදී ඔහු සහභාගී වන වැඩසටහන් සඳහා ආරක්ෂක විධිවිධාන සලසා ඇති අතර මෙම සංචාරයේදී එරට පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වැඳපුදාගැනීමට හිටපු ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.