චීනයේ යුනාන් පළාතේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීම සඳහා ගලවාගැනීමේ සේවකයින් අධික ශීතලක් සහ හිම සමඟ සටන් කරමින් සිටින බවයි වර්තා වන්නේ.
Zhenxiong ප්‍රාන්තයේ නාය යෑම සිදු වූ ස්ථානයේ ගැඹුරු පස් ගොඩවල් ඉවත් කිරීමට නිලධාරීන් රාත්‍රිය පුරා කටයුතු කළ සඳහන්.
සඳුදා නාය යාමෙන් පසු, අවම වශයෙන් නිවාස 18 ක පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව දැන් තහවුරු වී තිබෙනවා.
තවත් 24 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු සොයා ගත හැකිවූ බවයි ගලවා ගැනීමේ කණ්ඩායම සඳහන් කර ඇත්තේ.