චීනයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.