ජනාධිපතිවරණයේ ජනරැලි සඳහා සෙනග ගෙන්වන හැටි විජයදාස හෙළිකරයි

ජනාධිපතිවරණයේ ජනරැලි සඳහා සෙනග සම්පාදනය කරන පුද්ගලික මෑන් පවර් ආයතන බිහිවී ඇති බව හිටපු අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ආයතන ඕනෑම දේශපාලන පක්ෂයක ජනරැළි සඳහා මුදල් ගෙවූ පසු සෙනඟ සපයන බවත් හෙතෙම පැවසීය. රැස්වීමේ රැඳී සිටින කාලය අනුව පුද්ගලයෙකුට අය කරන ගාස්තුව තීරණය වන බවත් ඒ මහතා කියා සිටියේය.

රැස්වීම මුල සිටම අවසන් වන තුරු රැඳී සිටීමට රුපියල් 3000ක මුදලක් හා කෙටි කාලයක් සඳහා 1500ක මුදලක් ද අය කරන බවත් හෙතෙම පවසනවා.