කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1965 දී මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනය, ලංකාදීප ඇතුළු ප්රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කර තිබේ.
1995 වසරේදී ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ව්‍යාපෘතිය අරැඹීය.
එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ද ලක්ෂ්මන් ජයවර්ධන මහතාටය.
ඩී.ආර්.විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමටද ජයවර්ධන මහතා ක්‍රියා කළේය.
මීට අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීමටද ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හැකි විය.
අනගාරික ධර්මපාලතුමා පිළිබඳ විශිෂ්ඨ කෘතියක් රචනා කර ඇති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පුවත්පත් වලට ලිපි දහස් ගණනක් ලියා ඇත.
පසුව ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.
ලක්ෂ්මන් මහතාගේ දේහය මහරගම පිහිටි නිවසේ 30 වන බ්‍රහස්පතින්දා සිට තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා දින එනම් 2025 පෙබරවාරි මස 01 වන දින සවස 04ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.