ට්‍රම්ප් ඝාතනයේ සැලසුම්කරු ඉරානය බවට අනාවරණය වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කර ඇතැයි ලැබුණු තොරතුරක් මත ඔහුගේ ආරක්ෂාව තරකර තිබූ බව අමෙරිකානු ජාතික ආරක්ෂක නිලධාරීන් පවසනවා.

කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා ඔහු ඉලක්ක කරගෙන මාරක වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

එම ඝාතන උත්සාහය සිදුකර තිබුණේ 20 හැවිරිදි අමෙරිකානු ජාතික තෝමස් මැතිව් නම් තරුණයෙක් විසිනි.

පෙන්සල්වේනියා ඝාතන තැත සහ ඉරානය සිදුකළ බවට පැවසෙන ඝාතන සැලසුම අතර කිසිදු සම්බන්ධයක් තවමත් හඳුනාගෙන නැතැයි අමෙරිකානු බලධාරීන් වාර්තා කරයි.

මේ අතර එල්ල වන චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.