දුම්රිය මගීන්ගේ ගමන් මලු සඳහා මුදලක් අය කෙරේ

දුම්රිය මගීන් විසින් ගෙන යනු ලබන අමතර මලු සඳහා අය කිරීමක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

කාර්යාලීය සේවකයින්ට තමන්ගේ රජකාරි ගමන් මල්ල ද, පුද්ගලික ගමනක් නම් ඇඳුම් බෑගය පමණක් දුම්රියෙන් නොමිලේ රැගෙන යාමට මගීන්ට අවසර හිමිවන බවයි වාර්තා වන්නේ.

කිලෝග්‍රෑම් 25ට අඩු භාණ්ඩ මල්ලක් පමණක් මගීන්ට රැගෙන යාමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ද අමතර ගෙවීමක් කිරීමට සිදුවනු ඇති.