දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සජිත්ගෙන් ගැලවෙයි

සමගි ජන බලවේගයේ සන්ධානගත දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඔවුන්ගේම ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත බව එම පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ප්‍රකාශ කර ඇත.

මැතිවරණයට වෙන්ව තරග කළහොත් පළාත් පාලන ආයතනවලට තම සභිකයන් වැඩි ප්‍රමාණයක් පත්කර ගත හැකි බවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ විශ්වාසය වී තිබේ.

දිගම්බරම් පවසන්නේ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ බලාපොරොත්තුව වෙන වෙනම තරග කර බදුල්ල වැනි දිස්ත්‍රික්කවල තම පාක්ෂිකයන් වැඩි ප්‍රමාණයක් පත් කර ගැනීම බවයි.

“අපි මුලින්ම සමගි ජන බලවේගය සමඟ කතා කරලා බදුල්ල වැනි දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා කොපමණ අවස්ථා ලබා ගත හැකිද යන්න බලනවා. ප්‍රශ්නය වන්නේ සමගි ජන බලවේගය තමන්ගේම සංවිධායකයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් තිබීම. එවැනි තත්ත්වයක් තුළ අපේ සන්ධානයට අවස්ථාව අහිමි වෙනවා. සමගි ජන බලවේගයේ නායකත්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි තනියම යනවා,” යැයි ඔහු පවසයි.