දෙවනවරටත් පිය පදවිය ලැබූ ධනා

, ,

ධනා ආයෙමත් ”තාත්තා” කෙනෙක් වෙලා.

අලුත් අවුරුද්දෙ මේ සුබ ආරංචිය ගැන ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තියලා තිබුණා.

ඒ, ආදරණීය ඡායාරූපයක් ද එක්ක.

ධනංජය ද සිල්වාට ඉන්නවනෙ හුරතල් දෝණි පොඩ්ඩක්. ඉතින්, මේ ඔහුගේ කැදැල්ලට ආව දෙවෙනි අමුත්තා.

එයා එන්න ඉස්සරම, ධනා යළි පිය පදවිය ලබන්න වාසනාවන්ත වුණු කතාව අපි ඔබට කිව්වා මතක ඇති.

ඔන්න එහෙනම්, වටිනාම අලුත් අවුරුදු තෑග්ගක් ලැබුණු ධනාගේ ආදරණීය කැදැල්ලට අපෙනුත් සුබපැතුම් !