පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස අගදී පැවැත්වීමට රජය සැලසුම් කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව දින 52 ත් 66 ත් අතර කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා මේ සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් බොහෝ දුරට නොවැම්බර් මස අග සතියේ සෙනසුරාදා දිනක මැතිවරණය පැවැත්වීමට නියමිත වන අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් මස 26 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම කියයි.