අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීම ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය. මෙම යෝජනාව අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ කැබිණට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.