වෙළඳපොළේ මේ වන විට පවතින අධික පොල් මිල හමුවේ දිවයින පුරා ආපනශාලාවල ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ඇතැම් ආපනශාලාවල කිරි හොදි සහ පොල් සම්බෝල සකස් කිරීම මෙන්ම නිෂ්පාදනයද 60%කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.