2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්රමාද කරන පුද්ගලයින්ට දඩ සහ පොළී ගෙවීමට සිදුවන බවයි.
ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.
බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි