බොහෝ දෙනෙක් මේ දවස්වල කතා වන හැලයා සහ සීදේවී ව හැඩ කළ අපූරු නිර්මාණකරු කවුද?

, ,

පියත් රාජපක්ෂ කියන්නෙ තමන් කරන නිර්මාණය තුළින් රසිකයින් හට උපරිම රසවින්ඳනයක් ලබාදෙන කලාකරුවෙක්.

ඔහුගේ සෑම නිර්මාණයක්ම අති සාර්ථකව ප්‍රේක්ෂකයන් අතරට ගියා. එමෙන්ම ළඟදී එළි දැක්වූ හැලයා සහ සීදේවී යන ගීතයටත් එලෙසින්ම අති සාර්ථිකව ප්‍රේක්ෂක ආදරණයක් හිමි වූ ගීතයකි. ගීතය එළියට ඇවිත් මේ වෙද්දිත් තවම දවස් 5ක් වගේ. නමුත් ඊට මිලියන දෙක ඉක්මවූ නැරඹුම් වාර හිමියි. මෙම නිර්මාණය ඇතුළේ අපිට දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වනුයේ වේශ නිරූපණය යි. සිදේවි සහ හැලයාගේ වෙස් මුහුණු නිර්මාණය ගැන බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙන මාතෘකාවකි.

හැබැයි එහෙම ‘වෙස් මාරු’ කරගෙන තිබුණෙ හුදෙක් අපි දකින ‘වෙස් මුහුණකින්’ නම් නෙවෙයි.

මේ ‘Prosthetic Makeup’ එකක්.

මේ වෙනකොට ලංකාව ඇතුළෙ ‘Prosthetics කලාව’ කියූ සැනින් මතකයට නැඟෙන ඔෂාන් යාපා අමරසේකර තමයි මේ අපූරු වැඩෙත් හැඩකරලා තිබුණෙ.

ඒක හිතන තරම් ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. සෑහෙන කාලයක් වගේම වෙහෙසක් ඇතිව කරන ‘කලාත්මක වැඩක්’

ඒ ගැන ඔහු සිය සමාජ මාධ්‍ය තුළ මෙවන් සටහනක් තබා තිබුණා.

”සීදේවී Prosthetic Makeup

ඔබ දකින වීඩියෝව මිනිත්තු 03 තත්පර 31 චරිත 02 සහ ප්‍රොස්තටික් නිර්මාණය කරන්නට ගත වූ කාලය දවස් 9ක්

ප්‍රොස්තටික් එක දැමීමට ගත වූ කාලය

හැලයා – පැය 5

ප්‍රොස්තටික් සමඟ රූගත කල කාලය පැය 10

සීදේවී – පැය 3

ප්‍රොස්තටික් සමඟ රූගත කල කාලය පැය 05

බොහෝ දෙනෙක් සිතන්නේ මෙය වෙස් මුහුණක් දමා ඇති බවයි,

නමුත් Prosthetic Mask සහ වෙස් මුහුණු අතර ලොකු වෙනසක් පවති.

මෙහි නිර්මාණ ක්‍රියාවලිය සහ තාක්ෂණය ඊට සම්පුර්ණයෙන් වෙනස් එකක්.

මෙය වෙස් මුහුණකට සමාන කිරීම කිසිසේත්ම සාධාරණ වෙන්නෙ නෑ.

මෙය සමට බද්ධ කල (අලවන ලද) සිලිකන් ලෙයර් එකක්.

වෙස් මුහුණක් දැමීමට විශේෂ ප්‍රයෝග අංග රචනා ශිල්පීන් අවශ්‍ය නැත. ප්‍රොස්තටික් මේකප් තාක්ෂණය හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්.”