මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න නාමල් ඉන්දියාවට යයි

අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ.

අද (28) පෙරවරුවේ ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ දී මන්මෝහන් සිංගේ දේහයට මන්ත්‍රීවරයා අවසන් ගෞරව දක්වා ඇති බවයි, වාර්තා වන්නේ.

ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම ශෝකය පළ කළ බව නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ.