පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් (01) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.
සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තෝබර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.
ඒ අනුව, තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද (01) සිට ප්රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.