මහනුවර යුගයේ මාලිගාවක් අමෙරිකානු ආධා‍රවලින් මියුසියම් එකක් වෙයි

මහනුවර යුගයේ අවසන් රජු වාසය කළ රාජ මාළිගය ඇමරිකන් ආධාර මත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව රජවාසල මියුසියම් නමින් නිල වශයෙන් විවෘත කිරීම ඇමෙරිකන් තානාපතිතුමිය ප්‍රධානත්වයෙන් අද සිදුව තිබෙනවා.

මේ සඳහා ඇමෙරිකන් ඩොලර් 265,000ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කෞතුකාගාරය තුළ ශ්‍රී ලංකාවේ පුරාවස්තු මෙන්ම කෞතුක වස්තූන්ද රැසක් ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

ඊට අමතරව සිංහල රජ සමයේ රාජසභාව රැස්වූ ආකාරය චිත්‍රවලින් මෙන්ම මූර්තිවලින්ද පෙන්වා දෙයි.

දිනපතා පෙරවරු 9.00 – 4.00 දක්වා මහජනතාවට මෙය විවෘතව පවතින බවද පූරාවිද්‍යා නිලධාරීන් සඳහන් කර ඇත.