රත්වත්තේ යුවල යළි බන්ධනාගාර ගත කරේ

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් යළි දෙසැම්බර් 6 වනදා දක්වා අද දින (02) යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි.