හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම දී තිබෙනවා.
ඒ ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමට එම කැබිනට් මණ්ඩලය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වල මහතා ඉදිරිපත් කරන ලද ඖෂධ ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීමට අදාළවයි.