රාජාංගණයේ හිමිගෙන් CIDයට පැමිණිල්ලක්

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

ඒ, මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින්; අපහාස සිදු කරමින් සිටින බවත්; තමන්ට දිගින් දිගටම චෝදනා කරමින් එල්ල සිටින බවත් රාජාංගණයේ හිමියන් පවසනවා.

මෙසේ කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් නාලිකාව හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් රට කොල්ල කෑ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත්, නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටේ දූෂණ සියල්ලම අවසන් කරන බවත්, එතෙක් ඉවසීමෙන් බලා සිටින ලෙසත් රාජාංගණයේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පවසා සිටියාය.