රුසියානු සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණිමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ ගත වූ දින 4 කාලය තුළ රුසියානු සංචාරකයින් 4,418 ක් පැමිණ ඇති බවයි.

එය එම දින කිහිපය තුළ පැමිණි සංචාරකයින්ගේන් 18.4% ක ප්‍රතිශතයකි.