අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.
උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මතයි රේනුක පෙරේරා මහතා අත්අඩංගුවට ගත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කළේ.