ලන්ඩනයේ වෙඩි තැබීමක්

දුනු විදිනයක් වැනි උපකරණයකින් සන්නද්ධව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු පුද්ගලයෙකු ට වෙඩි තැබීමට දකුණු ලන්ඩන් පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් පමණ වූ පුද්ගලයෙක් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

දකුණු ලන්ඩනයේ සවුත්වෝක් හි නිවසකට සන්නද්ධ පුද්ගලයෙක් ඇතුළු වීමට උත්සාහ දරන බවට පොලිස් හදිසි ඇමතුම් සේවයට ලැබුණු ඇමතුමක් අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණි.

එම නිවසෙහි සිටින පුද්ගලයින්ට හිංසා කරන බවට එම පුද්ගලයා තර්ජනය කර තිබූ බවද සඳහන් ය.

ඒ අනුව එම ස්ථානයට පොලීසිය යන විට සැකකරු එම නිවස තුළට ගොස් සිටි බවත් එහිදී පොලීසිය වෙඩිතබා තිබූ බවයි වාර්තා වන්නේ.