ලොකු පැටී උදර්පන නීතිය යටතේ මෙරටට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී උදර්පන නීතිය යටතේ එනම් (යම් පුද්ගලයෙකුව එක රටකින් තවත් රටකට භාර දෙන ආකාරයට) මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

ලොකු පැටී නැමැත්තා බෙලරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවටත් ඔහු එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවටත් පළවන වාර්තා අසත්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව එරට බලධාරීන් ප්‍රකාශ කල බවයි, ඔහු පැවසුවේ.