රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය 06 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
රිය අනතුරක් සිදු කිරීමෙන් අනතුරුව නීතිඥ අකලංක උක්වත්තට සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජන කිරීමේ චෝදනා මත අද කොටුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහිදී සමාව ඉල්ලන බව විවෘත අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව, ලොහාන් රත්වත්තේව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කරනු ලැබුවේය.