ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
මෙවර ළමා දිනයේ තේමාව වුයේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි.
ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ.