වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා තිබෙන අතර පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම් වෙන් කිරීම පිළිබඳ සලකා බලා මේ තීරණයට එළඹි බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස 10,000 වැඩ අවසන් කළ තවත් නිවාස 990ක් ජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව ද ඔහු එහිදී පැවසුවේ ය.