රේගුව භාරයේ ඇති රුපියල් කෝටි ගණනක ටයිල් කන්ටේනර් 15ක් ඇතුළුව වරායේ හෙට (26 වැනිදා) පැවැත්වෙන භාණ්ඩ වෙන්දේසියට ව්‍යාපාරිකයන්ට නොපැමිණෙන ලෙස පාතාලයට සම්බන්ද පාර්ශ්ව බලපෑම් කර ඇතැයි ආරක්ෂක අංශ අනාවරණය කර ඇත.
මෙම ටයිල් කන්ටේනර් ඇතුළුව කන්ටේනර් සියල්ල වෙන්දේසි සඳහා පරික්ෂා කිරීමට නොපැමිණෙන ලෙස බලපෑම් කර ඇතැයි ව්‍යාපාරිකයන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
එමෙන්ම ටයිල් කන්ටේනර් පාලම පසුගිය අප්‍රේල් 24 වැනිදා වෙන්දේසිය සඳහා යෙදීමට සාම්පල් පරික්ෂාවට පැමිණි ව්‍යාපාරිකයන්ට විදෙස්ගත පාතාල කල්ලියකින් තර්ජන එල්ලවීම ගැන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී එම පුවත් අනාවරණය වීමෙන් පසු ටෙන්ඩරය අවලංගු කර ඇත.
යළිත් මෙම ටයිල් කන්ටේනර් ඇතුළු භාණ්ඩ වෙන්දේසිය සඳහා සාම්පල් පරික්ෂාවට හෙට (26 වැනිදා) උදෑසන වරාය අධිකාරිය අවස්ථාව සලසා දී ඇත.