බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා ඇතැයි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
එසේම මේ සදහා බන්ධනාගාර නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකොට ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි .
මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්රිත පරිශ්‍රයන් වෙත සිරකරුවන් රැගෙන යාම සදහා අවස්ථා 62කදි බන්ධනාගාර මුලස්ථානයේ සංචිත වාහන 09ක් කිලෝමිටර් 372ක් ධාවනයකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද දැඩි ලෙස පාලනය කිරිම අත්‍යවශ්‍ය අවධාරණය කර තිබුනද 2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු දිමනා වශයෙන් රුපියල් මිලියන 982ක් වැයකර තිබුණි.
ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව අතිකාල හා නිවාඩු දිමනාව 2023 වර්ෂයේ දි රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.