විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට දින උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත.

මේ වනවිට ඊට අදාළ දත්ත ද සමාලෝචනය අවසන් කර ඇති අතර කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බව ද විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය.

සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.