වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ වෙයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත් ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය

වෛද්‍යවරුන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව දැනට වයස අවුරුදු 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇත.