වසර 10 කට පසුව එංගලන්ත ක්රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී, එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (12) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් අද පස්වරු 02.05 ට පැමිණ තිබුණි.
ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මහතා තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත්, මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්රහණය අහිමි වී ගිය බවත් පැවසීය.
එසේම එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොදින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.