ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී 2025 සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තෝරා ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය ලෙසයි සටහන් වෙන්නේ.
මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙනවා.
නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් වුණා.
මෙවර නිලවරණය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය පමණක් නාම යෝජනා භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.