නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්රදේශයෙදී, තවත් සැකරුවන් සිව්දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන තොරතුරකට අනුව කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව හා කෑගල්ල දෙනාලේගම, කටුනායක යන පදිංචි සැකකරුවන් සිව්දෙනෙක්. මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදී හෙළිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සත්ව කොටස් අතර මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලෙවි කිරිමට තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙදෙනෙක් සිට තිබුණා.
මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්, ත්රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු සියලු දේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.