සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවය.